සෙනසුරාදා, 23 දෙසැම්බර් 2023 09:28

ඔමික්‍රෝන් සොයන්න පහසුකමක් නෑ – රවි කුමුදේශ් Featured

ඉන්දියාවේ මේ දිනවල පැතිර යන ඔමික්‍රෝන් ජේ. එන්. 1 නව කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කළත්, ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයීමට පියවර ගෙන නැතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

මේ වනවිට කොවිඩ් පරීක්‍ෂණ සිදුකළ හැකි ‘රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්’ ‘කිඩ්’ යම් ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ ඇතත් ඒවා රෝහල් වෙත ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීම ප්‍රශ්න සහගත බව ද එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ‘දිවයින’ ට ඊයේ (22 දා) සඳහන් කළේය.

ලොව රටවල් ගණනාවක මේ වනවිට නැවතත් කොවිඩ් උප ප්‍රභේද පැතිර යමින් පවතින බැවින් නව ප්‍රභේදයේ කොවිඩ් වෛරසය මෙරට තුළ නොමැති බවට කිසිවකු පවසයි නම් එය විද්‍යාත්මක ප්‍රකාශයක් නොවනු ඇතැයි ද හෙතෙම පැවසීය.

කොවිඩ් නව ප්‍රභේදය හේතුවෙන් සිදු වූ මරණ පිළිබඳවත් වාර්තා වෙලා තිබෙනවා. නමුත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ බලධාරීන්ට මේ පිළිබඳව පරීක්‍ෂණ සිදුකර රටට ඇත්ත හෙළිදරව් කිරීමට අවශ්‍යතාවක් නැහැ. ඔවුන් කුමකට හෝ බියක් දක්වනවා. නමුත් එය රටේ සෞඛ්‍යයට, යහපත් තත්ත්වයක් නොවෙයි යැයි ද රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව සත්සර

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website