ඉරිදා, 24 දෙසැම්බර් 2023 11:37

මියන්මාර සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට Featured

මියන්මාරයට ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කිරීමේ සිද්ධියට අවශ්‍ය ව සිටි සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා ක්‍රියාත්මක ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවල දී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.මියන්මාරයේ ත්‍රස්ත සංවිධානයක ග්‍රහණයට හසු වූ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු එරට සයිබර් අපරාධ කලාපය වන මියාවාඩිහි ත්‍රස්ත කඳවුරක සයිබර් වහලුන් ලෙස බලහත්කාරයෙන් රඳවාගෙන සේවය ලබාගන්නා බවට පසුගිය දා වාර්තා විය.

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website