බදාදා, 27 දෙසැම්බර් 2023 10:59

ශ්‍රී ලංකන් චෙන්නායි ගමන අවලංගු කරයි – කටුනායකට ආ මගීන් අනාථයි Featured

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවර දක්වා ඊයේ (26 දා) උදෑසන පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් හිටිහැටියේ ගමන් වාරය අවලංගු කිරීම නිසා මගීන් මහත් අපහසුතාවට පත්වූ බව ‘දිවයින’ට වාර්තා වේ.

කිසිදු පෙර දැනුම්දීමකින් තොරව එසේ ගමන් වාරය අවලංගු කර ඇත්තේ යූ.එල්. 121 ගුවන් යානය වන අතර එය ඊයේ උදෑසන 7.20 චෙන්නායි නුවර බලා පිටත් වීමට නියමිතව තිබිණි. ගුවන් මගීන් 226 ක් එම යානයේ ආසන වෙන් කරවාගෙන තිබූ අතර ඔවුන් සියලු දෙනා මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකාර දීපාල් වී. පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ කාර්මික දෝෂයක් හේතුවෙන් එම ගුවන් වාරය අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි.

මෙම ගුවන් මගීන් වෙනත් ගුවන් යානාවලට යොමු කිරීමටත් එසේ නොකළ මගීන් හෝටල් වෙත යොමු කිරීමට කටයුතු කළ බව පැවසූ ඒ මහතා සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමාව අයැද සිටින බව ද පැවසීය.

සිරිමන්ත රත්නසේකර

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website