එම සමීක්ෂණයට අනුව මෙරට පවුල් සියයට 60.5ක මාසික ආදායම අඩු වී ඇති අතර, පවුල් සියයට 91ක මාසික වියදම වැඩි වී ඇති බව අනාවරණය වී තිබේ.වර්තමානයේ දී පවුල් සියයට 3.4ක පමණක් ආදායම ඉහළ ගොස් ඇති අතර, පවුල් සියයට 36.6ක ආදායම නොවෙනස්ව පවතින බව වාර්තා වේ.ආදායම් අඩු වූ පවුල්වලින් සියයට 73.6ක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සියයට 6.ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ආදායම් අඩු වූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් ආහාර සහ මුදල් ඉල්ලා ගැනීම ආදී කරුණු සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.මෙරට පවුල්වලින් සියයට 22ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩාවට පත් ව සිටින බව ද සඳහන්ය.
DN