ඉරිදා, 19 පෙබරවාරි 2023 08:47

මැතිවරණය නොපවත්වන්නේ නම් වතුකරේ ජනතාව පාරට බස්සනවා.. Featured

පළාත් පාළන මැතිවරනය නියමිත දිනට නොපවත්වා මැතිවරණය කල් දැමිමට රජය කටයුතු කලහොත් මැතිවරණය ඉල්ලා වතුකරයේ ජනතාව ප්‍රධාන මාර්ග වලට බස්සන බව දමිළ ප්‍රගතශිලි සංධානයේ නියෝජ්‍යය නායක පා.ම පළනි දිගම්බරම් මහතා අවධාරනය කර සිටියි.

පළාත් පාළන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු වලට (18) දින සහභාගි විමෙන් අනතුරුව පළනි දිගම්බරම් මන්ත්‍රි වරයා හැටන් නගරයේදි විශේෂ මාධ්‍යය හමුවක් කැදවමින් ඒ බැව් පැවසිය.
මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වු පළනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ පළාත් පාළන මැතිවරණයට වතුකරයෙන් විපක්ෂයෙන් තරග කරන තම අපේකෂකයන් නාම යෝජනා භාර දිමේ සිට මැතිවරණ ප්‍රචාරක කටුයුතු සදහා විශාල මුදලක් වැය කර ඇති බවයි.

එවන් පසුබිමක රජයට ඡන්ද ය නොමැති නිසා මැතිවරණයට බිය වි මැතිවරනය පැවැත්විමට මුදල් නොමැති බව පවසමින් මැතිවරනය කල් දැමිමට රජය කටයුතු කිරිම නිසා රට තුල ප්‍රජාතන්ත්‍රවාදය නැති වි යන බවයි පළනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ.

පළාත් පාළන මැතිවරණය පැවැත්වුවහොත් සමස්ථ රටේ ජනතාව රජයට පාඩමක් ඉගැන්විමට මේ වන විට සුදානම් වි සිටින බවත් , ඒ බව රජය හොදින් වටහා ගෙන මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍යය මුදල් ලබා නොදි පළාත් පාළන මැතිවරණය කල් තැබිමට පියවර ගනිමින් සිටින බවයි මන්ත්‍රිවරයා කියා සිටින්නේ.

වතුකරයේ ජනතාව රුපියල් දහසක දෛනික වැටුපක් ලබා ගෙන පවතින අධික ජිවන මිල හමුවේ දැඩි දුෂ්කරතා මැද්දේ ජිවත් වන බවත් , විදුලි බිල වැඩි කිරිම නිසා එම ජනතාව තවදුරටත් දැඩි පිඩාවට පත් වන බවයි පළනි දිගම්බරම් මන්ත්‍රිවරයා මෙම මාධ්‍යය හමුවේදි කියා සිටියේ.

පළාත් පාළන මැතිවරණය කල් දැමිමට රජය තව දුරටත් කටයුතු කලහොත් පළාත් පාළන මැතිවරණ ප්‍රචාරණ කටයුතු තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා බව ද පළනි දිගම්බරම් මන්ත්‍රිවරයා මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website