ඉරිදා, 31 දෙසැම්බර් 2023 10:37

මහ මැතිවරණය පස්සට! ජනපති සටන පටන් ගනී Featured

වැඩි බරක් සමාජ මාධ්‍යට

ලබන වසරේ (2024) පැවැත්විය යුතු ජාතික මැතිවරණය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය මූලික සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් දිනිත් චින්තක, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මූලික සාකච්ඡා මීට දින දෙකකට පෙර ආරම්භ කර තිබිණි.

මෙහිදී එම මාධ්‍ය ප්‍රචාරක කටයුතුවල දී පුවත්පත්, රේඩියෝ, රූපවාහිනි යන මාධ්‍ය අංශ ඒ සඳහා ඵලදායී ලෙස යොදා ගනු ලබන ආකාරය පිළිබඳ සාකච්ඡා වී ඇත.

මෙම කටයුතුවලදී සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බව ඉහත නිලධාරීන් ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවලදී සිදුවන අඩුපාඩු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අදහස් පළ වී ඇති අතර එම අඩුපාඩු ද මඟහරවා ගනිමින් මාධ්‍ය යාන්ත්‍රණය ජනාධිපති වෙනුවෙන් තවත් ශක්තිමත් ලෙස කරගෙන යෑමට අදහස් හුවමාරු කරගෙන ඇත.

චමින්ද සිල්වා

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website