medialk.com වෙබ් අඩවිය වෙනුවෙන් එහි ප්‍රධාන සංස්කාරක තරිඳු ජයවර්ධන විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල යොමු කර ඇත්තේ, එම වෙබ් අඩවිය ලියාපදිංචි කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමේ දී ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශනය නොලැබුණු බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ය.
එම නිර්දේශය මගින් කියා ඇත්තේ, පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා රාජ්‍ය ආයතන පමණක් සම්බන්ධ කරගනිමින් දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදය මගින් පමණක් තීරණ වලට එළඹීම ප්‍රායෝගික නොවන බවයි.
පුවත් වෙබ් අඩවි සඳහා ලියාපදිංචිය ලබාදීමේ රැස්වීම් සඳහා සහභාගී වී ඇත්තේ, ජනමාධ්‍ය අමාත්‍යංශය, යුධ හමුදාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීන් පමණකි.
(anidda.lk)