බදාදා, 03 ජනවාරි 2024 10:58

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක් Featured

අඩු පිරිවැයකින් විශිෂ්ට සෞඛ්‍ය පරිසාධන මට්ටමක් ජනතාවට තිලිණ කරන  ලෝකයේ එක් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව හදුන්වන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ අද (03) පෙරවරුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිදු කරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් අනනතුරුව එහි කාර්ය මණ්ඩලය සමග පැවති විශේෂ සාකච්ජාමය අවස්ථාවේදීය.

මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම ඉලක්කක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ රෝහල්හි අඩුපාඩු සොයා බලමින් එයට විසදුම් ලබා දීමේ වැඩපිලිවෙලක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත. එම වැඩපිලිවෙල යටතේ අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදුකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ....

මෙම හදුන්වා දීමේ දී එහි ගෞරවය මෙරට සෞඛ්‍ය පද්ධතිය විධිමත්ව හා ගුණාත්මකභාවයෙන් පවත්වා ගෙන යාමට සහය වන සියලුම සෞඛ්‍ය වෘත්තිකයින් හට හිමිවිය යුතු බවත් එම කැපකිරීමේ මෑත කාලීන විශිෂ්ට අවස්ථාව ලෙස කොවිඩ් අර්බුදය පෙන්වා දිය හැකි බවද, එම ගෞරවයේ ප්‍රධානතම තැන හිමිවිය යුතු රෝහල මෙම රෝහල බවද, ඉතා ගෞරවයෙන් එය සිහිපත් කරන බවත් ,  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සතුව විශිෂ්ට යටිතල පහසුකම් පද්ධතියක් මෙන්ම විශිෂ්ට මානව සම්පතක් සිටින  බවත් එම විශිෂ්ට මානව සම්පතේ කැපවීමෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත වඩාත් යහපත්, සුරක්ෂිත  කිරීමට හැකි වන බවයි.

මෙහිදී, රෝහලේ නිල ලාංජනය එළිදැක්වීම සිදු වුනු අතර රෝහලේ ගුණාත්මකභාවය ඉහල නැංවීම සදහා තත්ත්ව ගුණාත්මක ව්‍යාපෘති වන (Kaizen සහ 5S) ව්‍යාපෘති වලට දායකත්වය දැක්වු සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමටද ලක් කලේය.

රෝහල් අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය  දිනේෂ් කොග්ගලගේ මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත සමරු තිලිණයක් ප්‍රධානය කිරීමද මෙහිදී සිදු විය.

ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇදන් 300 ක ධාරිත්වයකින් ද, දැඩි සත්කාර ඒකකය ඇදන් 8 කින්ද   යුක්ත වන අතර, විශේෂ පුහුණුව ලත් විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත සෞඛ්‍ය අමාත්‍යංශය සතු එකම විශේෂිත බෝවන රෝග ප්‍රතිකාර පිලිබද ජාතික රෝහල මෙය වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම්වරුන් වන වත්සලා ප්‍රියදර්ශනී, සාලින්ද බණ්ඩාර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන්.දිනිප්‍රිය, අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා)   වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න,   ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වුහ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website