බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:49

රුවන් ප්‍රසන්නගේ දේශන ඇසූ අය නිවාසවල ඉන්නවා නම් සැලකිලිමත් වෙන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක Featured

හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනවලට සවන්දුන් අයකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ප්‍රදේශ රැසක අදාළ පුද්ගලයා විසින් දේශන සිදුකර ඇති බවත්, ඔහුගේ දේශනවලට සවන් දුන් පුද්ගලයන් කීපදෙනකුම මේ වනවිට සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වී ඇති බවත් ඒ මහතා ඊයේ (03දා) සුහුරුපාය පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ දක්වා මරණ වාර්තා වී ඇති සියලුම පුද්ගලයන් මෙම දේශකයාගේ අවමඟුල් උත්සවයට සහභාගි වී ඇතැයි ද ඔහු කීය.

තමන් ගුප්ත විද්‍යාව පිළිබඳව හදාරා ඇති බව මෙලෙස සියදිවි හානිකරගෙන ඇති දේශකයා විසින් සිය දේශනවලදී කියා ඇතත් ඔහු එවැනි විෂයක් හෝ ආගමික මතවාදයන් පිළිබඳව කිසිදු හැදෑරීමක් සිදුකර නැතැයි හෙළි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එසේම, ඔහු මසකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ගෙවා හෝමාගම මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම මත ලබාගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website