අඟහරුවාදා, 09 ජනවාරි 2024 10:32

විදුලි බිල – සජිත් උසාවි යයි Featured

ලංකා විදුලිබල මණ්ඩලය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සිදුකළ විදුලි බිල ඉහළ දැමීම නිසා විදුලි පාරිභෝගිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා තීන්දුවක් නිකුත් කරන ලෙසට හා වහාම එලෙස වැඩිකළ විදුලි ගාස්තු පහළ දැමීමට බලකරන රිට් ආඥාවක් බලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා

විපක්ෂනායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ රුපියල් බිලියන 52 කට ආසන්න ලාභයක් ලබා තිබියදීත් දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට තවත් පීඩනයක් එල්ල කරමින් එලෙස විදුලි බිල ඉහළ දැමීම දැඩි අසාධාරණයක් බව නීතිඥ ශ්‍යාමලී අතුකෝරළ මහත්මිය මගින් ගොනු කළ එම පෙත්සමෙන් විපක්ෂනායකවරයා ඉල්ලා තිබිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් එම්. ජී. ඩී. යූ. කේ. මාපා පතිරණ, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා නීතිපතිවරයා නම් කර තිබිණි.

නීතිඥ විනුර කුලරත්න, ජෙනිකා අබේරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ පර්මාන් කාසිම් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website