අඟහරුවාදා, 09 ජනවාරි 2024 10:41

බාල බෙහෙත් සැපයූ සමාගමේ නිෂ්පාදනාගාරය පරීක්‍ෂාවට Featured

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ එන්නත් සැපයූ සමාගමේ නිෂ්පාදනාගාරය හා පරීක්‍ෂණාගාරය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරු,

අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාරයේ (සොකෝ) නිලධාරීහු හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඊයේ (08දා) දැඩි පරීක්‍ෂාවට ලක් කළහ.

සීදුවේ පිහිටි එම ඖෂධ සැපයූ සමාගමේ නිෂ්පාදනාගාරය හා පරීක්‍ෂණාගාරය පරීක්‍ෂාවට ලක් කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය විසින් කරන ලද නියෝගය අනුව මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සුදත් ජානක ප්‍රනාන්දු නමැති එම සමාගමේ හිමිකරු ඉදිරියේ දී එකී පරීක්‍ෂාව සිදුකර තිබිණි.

බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරුව එම නිෂ්පාදනාගාරයට රැගෙන ඒමෙන් පසුව පුරා පැය කිහිපයක් ඔහු ඉදිරියේදී එකී පරීක්‍ෂා කිරීම් සිදුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website