බදාදා, 10 ජනවාරි 2024 11:15

අතුරු වෛද්‍ය සේවා අදත් වර්ජනයේ Featured

වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද දිනයේ දී ද උදෑසන 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබේ.වෘත්තීය සමිති 10ක් මෙම වර්ජනය සඳහා එක්වන බව එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ළමා රෝහල, පිළිකා රෝහල, මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතන තුළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බව සඳහන්ය. ඊයේ දිනයේ දී ද ඔවුන් සංකේත වර්ජනයක නිරත විය.

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website