බදාදා, 10 ජනවාරි 2024 11:20

ජනතාවට කන්න නෑ.. ජනාධිපති හූතීන් මෙල්ල කරන්න යනවා.. Featured

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සිදු කළ පර්යේෂණයකට අනුව මේ ආර්ථික විනාශය නිසා ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින් පෙලෙන බවත්

ඒ අතරින් ලක්ෂ 7ක් ණය ලබා ගෙන ඇත්තේ ආහාර ලබා ගැනීමට බවත් ලක්ෂ 10ක් ණය අරගෙන ඇත්තේ රන් ආභරණ උකස් කරමින් බවත් මෙය එම පවුල්වල අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂණයට සෘණාත්මකව බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ධීවරයන්ට, ගොවිජනතාවට, කම්කරුවාට, ස්වයංරැකියා ලාභීන්ට ප්‍රශ්න ඇති මුත් වත්මන් ජනාධිපතිවරයා මිලියන 250ක් කැපකර නාවික යාත්‍රාවක් සහ හමුදාව රතු මුහුදු මාර්ගය ආරක්ෂා කිරීමට යවා ඇති බවත් ලෝකයේ කෝටිපති රටවල් තිබිය දී රටේ දරුවන්ට දිවා ආහාරය ලබා දිය නොහැකි මේ රජය හූති සටන් කාමීන් මර්දනය කරන්න යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 රටේ සම්පත් යෙදවිය යුත්තේ රටේ දියුණුවට බවත් පාසල්වලට පරිගණක අරන් දෙනවාට වඩා ජනාධිපතිවරයාට හූතීන් මෙල්ල කිරීම ලොකු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2019 වගේ නැවතත් ඇන්දවීමට රැවටීමට ලක් නොවන ලෙසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (9) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 63 වැනි අදියර යටතේ මීගමුව මංකුලිය සාන්ත අන්තෝනි විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.*

කීරිසම්බා රටින් ගෙන්වන්න හදන්නේ තවත් මගඩියකටද මන්දා

පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, කීරිසම්බා සහ සම්බා මිල ඉහළ ගොස් ඇති බවත් පරිප්පු කිලෝව 300 සිට 350, 400 දක්වා වැඩි වී ඇති බවත් සුදු සීනි කිලෝව 290 සිට 325ට ගොස් ඇති බවත් කීරි සම්බා 260 සිට 300 දක්වා වැඩි වී ඇති බවත් මේ වන විට කීරි සම්බා හිඟයක් ඇති බව පිටරටින් ගෙන්වන බව පවසන බවත් මේ පිටුපස මගඩියක් තිබිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බංකොලොත් රටෙත් දිනපතාම හොරකම, දූෂණය අල්ලස ක්‍රියාත්මක කරන නමුත් සමගි ජන බලවේග රජයක් තුළ විනිවිදභාවයෙන් යුක්ත ක්‍රමවේදයක් තුළ හොරු අල්ලා හොරු හොරා කන ලද මුදල් නැවත රටට ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක ඩීල්වලින් යැපෙන රජයක්

යහපාලන ආණ්ඩු සමයේ සිට හොරු අල්ලන්න පටන් ගත් නමුත් ඇතැම් නායකයන් හොරු සමඟ මිත්‍රකම් ඇති කර ගෙන හොරු බේරා ගෙන හොරුන්ගෙන් යැපෙන බවත් මේ සඳහා ඕනෑතරම් සාක්ෂි ඇති බවත් ඩුබායි හි ඇති බැංකු ගිණුම් සම්බන්ධ තොරතුරු මංගල සමරවීර මහතා පවා කැබිනට්ටුවේ පෙන්වා දුන් බවත් මේ ඩීල්වල දිගුවක් ලෙස වත්මන් රජය බිහි වී ඇති බවත් එබැවින් ත්‍රස්තවාදය විනාශ කළා සේ හොරකම, දූෂණය හා වංචාව රටින් තුරන් කළ යුතු බවත්
විපක්ෂ නායකවරයා පැවසීය.

අපි අනාවරණය කළ බෙහෙත් වංචා එකින් එක හෙළි වෙනවා දැන්

සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ එයට විරුද්ධව පොහොට්ටුවේ පාර්ලිමේන්තුවේ 113 දෙනකු අත උස්සා එය පරාජය කර දැමුවත් මේ වන විට හියුමන් ඉමියුනෝග්ලොබින් ඖෂධ වංචාව ඇතුළු තවත් වංචා රැසක් සම්බන්ධයෙන් නිලධාරීන් කොටසක් අත්අඩංගුවට ගෙන ඇමතිවරයාගෙන් පවා කටඋත්තර ලබා ගෙන ඇති බවත් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ මහා හොරකමට සෞඛ්‍ය ඇමතිවරයා මෙන්ම ඔහුව රකින්න හිටගත්ත පොහොට්ටුවේ 113 දෙනා ද වගකිව යුතු බවත් ඔහු රටේ ජනතාව ජීවත් කරවීමට නොව රටේ ජනතාව මරා දැමීමට අත ඉස්සු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 63ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 604ක් වැය කර තිබේ.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website