සෙනසුරාදා, 13 ජනවාරි 2024 08:29

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව මාලිමාව අධිකරණයට Featured

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළේය.

එම බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.පෙත්සම්කරු කියා සිටින්නේ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ම ප්‍රති ත්‍රස්ත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පෙත්සමේ සඳහන් වේ.එම පනත් කෙටුම් පොතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බව පෙත්සමේ චෝදනා කර තිබේ.එසේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් අත්තනෝමතික ලෙස රඳවා ගැනීමේ බලයද ආරක්ෂක අංශ වෙත ලබා දී ඇති බව පෙත්සමේ චෝදනා කර තිබේ.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website