සදුදා, 20 පෙබරවාරි 2023 08:59

ඡන්ද විමසීම කල්දමන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අද කැඳවයි Featured

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එය කැඳවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එම පෙත්සම ඉකුත් 10 වනදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වැඩිදුර සලකා බැලීම ලබන 23 දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ අතර කෙසේ නමුත් අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් කර්නල්වරයා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොනු කර තිබෙනවා.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website