සිකුරාදා, 19 ජනවාරි 2024 09:10

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි Featured

මේ වසර තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ‍්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස දහ අටවැන දිනට මාසයකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාවට සිදුවන බවයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන ලද ඉල්ලීම අනුව අයවැයෙන් මුදල් වෙන්කර ඇති බවත් ඔහු පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන දහයක මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා ඇති බවද හෙතෙම කියා සිටියේය.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website