සදුදා, 20 පෙබරවාරි 2023 13:46

කොටුව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට සජබ මහ ලේකම් ඇතුළු පිරිසකට ඇතුළු වීම වළක්වමින් අධිකරණයෙන් වාරණ නියෝගයක් Featured

මැතිවරණය වැළැක්වීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය අද (20)කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සුදානම් වෙයි.

අදාල විරෝධතාකරුවන්ට අද දින කුරුඳුවත්ත පොලිස් වසමට අයත් මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේ ය.

එකී විරෝධතා ව්‍යාපාරයේදී අවට ප්‍රදේශවල පිහිටි කාර්යාල , නිවාස, පාසල් සහ තානාපති කාර්යාලවලට පැමිණෙන ජනතාවට අවහිරයක් විය හැකි බැවින් එකී උද්ඝෝෂකයින්ට අදාල මාර්ගවලට ඇතුළු වීම වළක්වන්නැයි කුරුඳුවත්ත පොලීසිය එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මහජනතාවට පීඩාවක් වන පරිදි උද්ඝෝෂකයින් කටයුතු කරන්නේනම් ඒවා වැළැක්වීමට පොලිස් බල යෙදවිය හැකි බවත්, ඒ සඳහා අධිකරණ නියෝග අනවශ්‍ය බවත් පෙන්වා දෙමින් ප්‍රධන මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ශේප කරනු ලැබුවේ ය.

මේ අතර, කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට සමගි ජන බලවේගයේ මහලේකම් ඇතුළු පිරිසකට ඇතුළු වීම වළක්වමින් කොටුව මහන්ස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද පසවරු 2 සිටි රාත්‍රී 07.00 දක්වා කාලය තුළ ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය හා ගාලු මුවදොර පිටියට ඇතුළුවීම ඉඩ නොලැබෙනු ඇති.

මේ අතර, කොටුව පොලිස් වසමේ, ගාලුමුවදොර වටරවුමේ සිට NSA වට රවුම දක්වාත්.

NSA වටරවුමේ සිට චෛත්‍යපාර දක්වාත්,
NSAවටරවුමේ සිට ජනාධිපති මාවත දක්වාත්,
NSA වටරවුමේ සිට ලෝටස්පාර දක්වාත් ,
COT හංදියේ සිට බැංකු මාවත දක්වාත්,
බැංකු මාවතේ සිට යොක් වීදිය දක්වාත් මාර්ගවලවල ගමන් ගන්නා ජනතාවට බාධාවක් කිරීම වැළැක්වීමට පොලිසිය කටයුතු කරනු ඇති.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website