සදුදා, 22 ජනවාරි 2024 09:04

මාලිමා ආණ්ඩුවකදී පියයුරු එලියේ දමාගෙන ගාල්ලේ සිට කොළඹට පෙරහැරක්..- ලාල් කාන්ත Featured

නුවර පෙරහර කිසිසේත්ම වෙනස් නොවන්නේ නම් තමන් ඉතා කැමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

නුවර පෙරහර පරණ ආකෘතියෙන් පරණ ලෙසටම පැවතිය යුතු බවත් එයට වර්තමාන නර්තනයක් කළහොත් පෙරහැර අවසන් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

නුවර පෙරහරට අයත් ඓයිතිහාසික සම්ප්‍රදායෙන්ම එය පැවතිය යුතු බවත් විදේශිකයන් මෙන්ම දේශීය පුද්ගලයන්ද එම නැරඹීහට පැමිණෙන්නේ එවිට බවත් ඔහු පෙන්වා දෙයි.

තමන් සිතන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවකදී නවීකරණය කරන ලද එවන් පෙරහරක් ගාල්ලේ සිට කොළඹට පැමිණිය හැකි බවද පවසන ඔහු ලෝකයේම තියෙන විවිධ නර්තන අංග ඒ සඳහා එක් කල හැකි බවද කියා සිටියේය.

බටහිර නර්තන අංග මෙන්ම අප්‍රිකානු ආරයේ පියයුරු එළියේ දමාගෙන යන නැටුම්ද එහි තිබිය හැකි බවත් එවන් ආකාරයේ පෙරහරක් මාසයක් පැවැත්වුවහොත් ලෝකයේම සංචාරකයන් මෙරටට ඇදී එනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමිනි.

 

CN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website