සිකුරාදා, 26 ජනවාරි 2024 09:50

ලංවීම සේවකයකුට කැකිල්ලේ තීන්දුවක් – වෘත්තීය සමිති Featured

අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබියදී උද්ඝෝෂණය කළ වරදට සේවය අත්හිටවූ ලංවීම කවුළු ලිපිකරුවන් හැටඅට දෙනා අතර එම දිනයන්හි රාජකාරී කළ අයකු සිටින බව වෘත්තීය සමිති කියා සිටිති.

මෙලෙස නිරපරාදේ එම දඬුවමට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ලංවීම මුදල් කවුළු ලිපිකරුවවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයින් ලංවීම පාලනාධිකාරියට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී තිබේ. උද්ඝෝෂණයට එක් නොවූ අයට පවා මෙවැනි ආකාරයට දඬුවම් පමුණුවන තැනට ලංවීම කළමනාකාරිත්වය පත්ව තිබීම කනාගාටුවට කරුණක් බව ද වෘත්තීය සමිති පවසති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වෘත්තීය සමිතිවලට ලබාදී තිබෙන අයිතිවාසිකවම්වලට අනුව ලංවිම රැක ගැනීම සඳා අදාළ උද්ඝෝෂණ ක්‍රියාත්මක කළ බවත් ලංවිම පාලනාධිකාරිය එදා ගත්තේ මර්දනකාරී තීන්දුවක් බවත් ඊට එරෙහිව නෛතික පියවර ගනනා බවත් වෘත්තීය සමිති කියා සිටිති.

ශිරාන් රණසිංහ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website