ඉරිදා, 28 ජනවාරි 2024 14:05

අනුර මීලග ජනාධිපති කියා 100%ක් විශ්වාසයි.. දිවුරුම් දෙන දා රාත‍්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවනවා.. Featured

මීළඟ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස තේරී පත්වන බව සියයට සීයක් විශ්වාස බව එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

 

මීළඟ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් දාහත්වැනිදාට පෙර කැඳ විය යුතුව ඇති බවත් එය කල්දැමීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර දිසානායක මහතා බව මේ වන විටත් ඒකමතිකව තීන්දු කර අවසන් බවත් වෙනත් අය විවිධ කතා පැවසුවද ඒවා වලංගු නැති බවත් ඔහු කියා සිටී.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනත් දින රාත්‍රියේම වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් සඳහා මහ මැතිවරණයක් කැඳවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පලකර ඇත.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website