බදාදා, 31 ජනවාරි 2024 10:30

හොර පිළිකා එන්නත් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් Featured

ව්‍යාජ ලේඛන සකස්කර රිටොක්සි මැප් නමැති පිළිකා රෝගීන් භාවිත කරන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, රජයේ රෝහල්වලට බෙදාහැර රුපියල් කෝටි 11ක පමණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා කළ පැමිණිල්ලක් අනුව එම විමර්ශනය ආරම්භ කර ඇති අතර එකී ප්‍රමිතියෙන් තොර එන්නත් භාවිතයෙන් පිළිකා රෝගීන්ගේ ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනම විමර්ශනයක් ආරම්භ කොට ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website