ඉරිදා, 04 පෙබරවාරි 2024 15:33

ඉන්ද්‍රජිත්ගේ "මාධ්‍ය මඟ" ග්‍රන්ථය එළිදැක්වීම Featured

ඉන්ද්‍රජිත්ගේ "මාධ්‍ය මඟ" ග්‍රන්ථය එළිදැක්වීම

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්. ඉන්ද්‍රජිත් මහතා රචිත "මාධ්‍ය මඟ" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය, 2024 පෙබරවාරි 06 වෙනි දින පස්වරු 3.00 ට ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන්, කොළඹ 07  නිදහස් මාවත ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක, තමිල්නාඩු ජ්‍යෙෂ්ඨ  ජනමාධ්‍යවේදි අරුන් කධාරන් (Arun Kadhadaran) ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වන, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය සහ PEN Sri Lanka  ආයතන සංවිධානය කරන මෙම උත්සවයේ  ප්‍රධාන දේශනය හිටපු  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය  කලංසූරිය මහතා සිදුකරයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website