ඔහු තවදුරටත් කැබිනට් මණ්ඩලයේ තබාගතහොත් ඉදිරි විමර්ශනවලට බාධා එල්විය හැකි නිසා ඔහු ඉවත් කිරීමේ තීරණය කඩිනමින් ගතයුතුව ඇතැයිද සංජීව මහතා පැවසීය.
රාජ්‍ය නිලධාරියකු නම් මූල්‍ය අපරාධයක්, ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ සාහසික ක්‍රියාවකට අත්අඩංගුවට ගතහොත් ඔහුගේ සේවය අත්හිටුවීමක් සිදුවන බවත්, රඹුක්වැල්ල මහතාට එල්ලවී ඇත්තේද රජයේ මුදල් අපහරණය, කැබිනට් මණ්ඩලය නොමඟ යැවීම, අසත්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම කැබිනට් මණ්ඩලයේ විශ්වාසය කඩ කිරීම වැනි බරපතළ චෝදනා බවත් ඒ මහතා කියා සිටියේය. මෙය තමා විසින් නොව නීතිපතිවරයා විසින් එල්ලකර තිබෙන චෝදනා බවද ඔහු පැවසීය.
මෙවැනි චෝදනා එල්ලවී ඇති අයකු තවදුරටත් කැබිනට් මණ්ඩලයේ තබාගතහොත් එය ජාත්‍යන්තරයේ පවා මෙරට කැබිනට් මණ්ඩලය කෙරෙහි අප්‍රසාදයක් ඇතිවිය හැකි බවද චමල් සංජීව මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.
චමින්ද සිල්වා