බදාදා, 22 පෙබරවාරි 2023 08:23

ශ‍්‍රී ලංකාවේ උතුර නැගෙනහිර බලය මෝදි අතේ…ශ‍්‍රී ලංකාවේ උතුර නැගෙනහිර බලය මෝදි අතේ… Featured

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල බලය ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අත බව භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩුවේ සභාපති කේ. අන්නාමලේ සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරය නිම කිරීමෙන් පසුව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු බොහෝමයක් ඉන්දියාව විසින් සිදුකරන බව පෙන්වා දෙන්නා අන්නාමලේ එම පළාත්වල දෙමළ ජනතාව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය තබා ඇති බව ද කියා සිටියි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට විසඳුම 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම යයි ඉන්දීය නියෝජිතයන් ශ්‍රී ලංකාවේ නායකයන්ට පෙන්වා දුන් බවද පවසන ඔහු ඒ අනුව ඉදිරි මාස දෙක තුන ඇතුළත යම් යම් දේවල් සිදුවීමට ඉඩ ඇති බවද කියා සිටී.

වාරතමානයේ ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට සමත් එකම නායකයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පමණක් බවද ඔහු පවසා තවදුරටත් පවසා තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website