බදාදා, 07 පෙබරවාරි 2024 09:11

බාල එන්නත් ගනුදෙනුව – සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලයේ සියලු ලේඛන සීඅයිඩී භාරයට ගනී Featured

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේදී සිදුවී ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ නිල කාර්යාලයේ තිබූ සියලු ලිපි ලේඛන සිය භාරයට ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පෙරේදා (5 දා) ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක්, සමන් රත්නායක මහතාගේ නිල කාමරය පරීක්‍ෂා කර එහි තිබූ සියලු ලිපි ලේඛන සිය භාරයට ගෙන රැගෙන ගොස් තිබේ.

මෙම ඖෂධ වංචාව සම්බන්ධයෙන් අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් අවස්ථා දෙකකදීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු හත්දෙනෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.

හේමන්ත රන්දුණු

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website