බ්‍රහස්පතින්දා, 08 පෙබරවාරි 2024 13:20

කෝල් කරලා TIN අංකය ගැන විස්තර ඉල්ලුවොත් දෙන්න එපා Featured

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන් හඳුනාගැනීමට නිකුත් කර තිබෙන TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙයි.

ඒ අනුව ජනතාව රවටා පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර්වරුන් කල්ලියක් ක්‍රියාත්මකව සිටින බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අවධාරණය කරයි

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසන්නේ, මේ වනවිට එම වංචනික කල්ලියට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් අය පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි.

මෙම ජාවාරම්කරුවන් පිරිස රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා TIN අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව ප්‍රථමයෙන් දැනුවත් කර තිබෙයි.

ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස්‍ය අංකය (OTP) ඉල්ලා සිටි ඇත

එම අංකය භාවිතා කරමින් මුදල් වංචා සිදු කර තිබෙයි

මේ හේතුවෙන් දුරකථන මගින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දී තිබෙයි

 

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website