සිකුරාදා, 09 පෙබරවාරි 2024 09:38

ඉන්දීය රජයෙන් ශ්‍රී ලාංකිකයන් සඳහාම පූර්ණ ශිෂ්‍යත්ව Featured

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකිකයන් සඳහා ඒ. පී. ජේ. අබ්දුල් කලාම් පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් කැඳවා ඇත.

කීර්තිමත් ඉන්දියානු විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතනයන් හි වෛද්‍ය/පරිපූරක වෛද්‍ය, විලාසිතා නිර්මාණය සහ නීති පාඨමාලා හැර ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව ශාස්ත්‍ර සහ කලා වැනි විවිධ විෂය ක්ෂේත්‍රයන් හි උපාධි/පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

ශ්‍රී ලාංකිකයන් සඳහා පමණක් පිරිනමනු ලබන උපාධි පාඨමාලා අධ්‍යයන වර්ෂ 2024-2025 සඳහා වේ.

මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ සම්පුර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදානයක් ලබා දෙනු ලැබේ. එසේම සියලුම ශිෂ්‍යත්වලාභීන් සඳහා ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපල වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික දීමනාවක්ද වෙනත් දීමනා රැසක්ද ලබා දෙයි. තෝරා ගනු ලබන අයදුම්කරුවන්ට විශ්ව විද්‍යාලය ඇතුළත නේවාසිකාගාර පහසුකම් ද සපයනු ලැබේ.

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඉන්දීය රජය සුදුසුකම් සපුරාලන, දක්ෂ ශ්‍රී ලාංකිකයන් තෝරා ගනු ලබයි. අයදුම්කරුවන් තෝරා ගනු ලබන්නේ ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේය. අවශ්‍ය විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවිය වන www.mohe.gov.lk තුළින් ලබා ගත හැකිය. මෙම උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට සපුරා තිබිය යුතු සුදුසුකම් හා තෝරාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශය (0112421605, 0112422788, 0112422789/This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) හෝ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ වන ලෙස උනන්දුවක් දක්වන සිසුන් වෙත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දන්වනු ලැබේ.

DMN

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website