සෙනසුරාදා, 10 පෙබරවාරි 2024 09:15

බටහිර ඔස්ට්‍රේලියා අගමැති ජනපති රනිල් හමු වෙයි Featured

සත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා පර්ත් නුවරදී ඊයේ (9) හමු වූ අයුරු. ශ්‍රී ලංකාව සහ බටහිර ඔස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය,

කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවලට අදාළ සහයෝගිතාව ඉහළ නංවා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර ඍජු ගුවන් සේවා සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා මෙහිදී සිය කැමැත්ත පළ කළේය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පවතින විභවයන් පිළිබඳ විස්තර කරමින් ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳ කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා මේ ක්ෂේත්‍රයේ ආයෝජන දිරිමත් කරන ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී, පවතින ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතාට ඇරියුම් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක මායාදුන්න, ඉෂාක් රහුමාන්, ජනාධිපති ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ රිෂාන් ද සිල්වා මහත්ම මහත්මීහුද ජනාධිපතිවරයා සමඟ මේ අවස්ථාවට එක් වූහ.

DMN

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website