සෙනසුරාදා, 10 පෙබරවාරි 2024 09:31

පාඨලීගේ පුටුව ගොඩහේවාට දෙයි Featured

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව සහ ක්‍රම සහ විධි කාරක සභාව සඳහා විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නම් නොකිරීමට විපක්ෂය තීරණය කර ඇත.

ඒ වෙනුවට විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතාගේ නම ඉදිරිපත් කර ඇත.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අවසන් වනතුරු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ධුරයේ කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාය.

පාර්ලිමේන්තු නව සැසිවාරය ක්‍රම සහ විධි කාරක සභාව සඳහා විපක්ෂයේ කිසිදු නමක් ඉදිරිපත් කර නොමැත.

නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව ඉහත කාරක සභා ඇතුළු කාරක සභා කිහිපයක් සඳහා පත් කරන ලද මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ඊයේ කතානායක විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

 

 

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website