ඉරිදා, 11 පෙබරවාරි 2024 09:58

ෆොන්සේකා ආණ්ඩුවට..? ජනපති සමග දිගු සාකච්චාවක.. Featured

සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, සරත් ෆොන්සේකා මහතා ආණ්ඩු පක්ෂය සමඟ එක්වීමට සූදානමක් ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙයි.

සමගි ජනබලවේගය සමග මතභේදයක් ඇතිකරගෙන සිටින ඒ මහතා පක්‍ෂයේ තනතුරු වලින් නෙරපන ලෙසද දැනටමත් පක්ෂ නායකයට යෝජනා කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාද අවස්ථා කිහිපයකදීම නම සඳහන් නොකර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ යන්න උවමනා පුද්ගලයෙක් සිටිනවා නම් පක්ෂයෙන් යන ලෙසයි.

හිටපු හමුදාපතිවරුන් දෙදෙනකු මෑතකදී සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා දැඩි කනස්සල්ලෙන් පසු වෙයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මන්ත‍්‍රීවරයා දීර්ඝ වෙලාවක් සාකච්ඡාවක නිරත වීමත් සමග ඔහු ආණ්ඩුවට එක්වණු ඇතැයි ද තොරතුරු පැතිර යමින් ඇත.

කෙසේ වෙතත් ෆොන්සේකා මහතා මෙතෙක් ඒ පිලිබදව කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website