සදුදා, 12 පෙබරවාරි 2024 08:28

වෛද්‍ය සැපයුම් ඒකකය භාර නොගැනීමෙන් කෝටි ගාණක ඖෂධ වරායේ ගුවන්තොටේ පුස්කයි Featured

ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මාස කීපයකට පෙර ගෙන්වන ලද රුපියල් මිලියන ගණනක් වටිනා ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය මගින් භාර නොගැනීම නිසා එම ඖෂධ වරායේ හා ගුවන්තොටුපළේ අනාරක්‍ෂිත

ලෙස ගබඩා කර තැබීමෙන් ඖෂධ තොග විනාශවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. මෙය ඇතැම් නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් ද යන්න සැක මතුවන බවත් ඔහු කීය.

විවිධ සමාගම් විසින් මෙම ඖෂධ ගෙන්වා ඇති බවත් ඖෂධ නිසි පරිදි ශීතදාම පවත්වා නොගෙන තද අව්වේ ඇති අතර එහිදී ඖෂධයේ ගුණාත්මකභාවය බිඳවැටී රෝගීන්ට ප්‍රතිකාර දෙන අවස්ථාව වනවිට එය තත්ත්වයෙන් බාල වී රෝගී ජීවිත අනතුරට පත්වීමේ අවදානමක් ඇති බවත් ඒ මහතා පැවැසීය.

ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් වංචාවේ පරීක්‍ෂණ ආරම්භයත් සමඟ වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇතැම් නිලධාරීන් විසින් ගෙනයන ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන් දැඩි උදාසීනත්වයකින් රට තුළ ඖෂධ හිඟයක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණයක් කරන්නේ දැයි සැකයක් මතුවන බවත් ඒ මහතා කීය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන් වර්තමාන සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දැනුවත් කළ බවත් ඔහු කඩිනමින් එයට මැදිහත්ව පියවර ගනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු පැවැසීය.

ඵැර්චැබමප සපසචැබමප වැනි ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ පවා මෙම කන්ටේනර් තුළ පවතින බව ද ඔහු කීය. එක් කන්ටේනරයක අවම වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයකට ආසන්න විය හැකි බවත් එවැනි කන්ටේනර් 20ක් පමණ පවතින බවට වාර්තාවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website