අඟහරුවාදා, 13 පෙබරවාරි 2024 13:29

රෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාමට යුද හමුදාව Featured

දිවයින පුරා රජයේ රෝහල් වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් යළි අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලෙස ආරක්‍ෂකසේනා අඥාපතිවරුන් හට උපදෙස් ලබාදී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකල ඉල්ලීමට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව බටහිර, මධ්‍යම, නැගෙනහිර සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද අක්‍ෂි රෝහල කොළඹ, මාතලේ, පොලොන්නරුව, මැදිරිගිරිය, හිගුරක්ගොඩ, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, හම්බන්තොට, දෙබරවැව, රත්නපුර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ඇල්පිටිය, හෝමාගම සහ කෑගල්ල ඇතුළුව රෝහල් 48 ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාවේ 900 ක පමණ භට පිරිසක් යොදවා ඇත.

මේ වන විට එම රෝහල්වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ භටපිරිස් යොදවනු ලැබේ.

හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍යය භටපිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍යය සියලුම පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website