බදාදා, 14 පෙබරවාරි 2024 09:59

සෞඛ්‍ය පොදු ප්‍රවාහනය තැපෑල – අත්‍යවශ්‍ය සේවා වෙයි Featured

ගැසට් නිවේදනත් නිකුත් කරයි

රජයේ රෝහල්වලින් රෝගීන් සඳහා සිදු කරන සේවාවන්, මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, දුම්රිය මාර්ග මඟින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම, තැපැල් සේවය යන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ඊයේ (13) නිකුත් කෙරිණි.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම ගැසට් නිවේදන නිකුත් කළේය. රජයේ සංස්ථා, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හෝ සමුපකාර සමිතියකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයන් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදන නිකුත් කර ඇත. රජයේ රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවක් යැයි ප්‍රකාශයට පත් කරන බව රජයේ රෝහල්වලින් රෝගීන් සඳහා සිදුකරන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්ය.

ශිරෝමි අබයසිංහ

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website