සෙනසුරාදා, 17 පෙබරවාරි 2024 08:40

අවු. 19ට අඩු දරු­වන් දහ­ස­කට වඩා වස­රක් පාසා පිළිකා රකු­සාට ගොදුරු වනවා Featured

වයස අවු­රුදු 19ට අඩු මෙරට දරු­වන් 1000කට අධික සංඛ්‍යා­වක් වාර්ෂි­කව පිළිකා රෝග­යට ගොදුරු වන බවට සමී­ක්ෂණ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වී ඇතැයි ශ්‍රී ලංකා පිළිකා විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ ශාස්ත්‍රා­ලයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය බුද්ධික සෝම­ව­ර්ධන මහතා පැව­සීය.

රුධි­ර­ගත පිළි­කා­වන් වන ලියු­කේ­මි­යාව, වසා ගැටිති ආශ්‍රිත පිළි­කා­වන් වන ලිම්ෆෝ­මි­යාව, මොළයේ පිළිකා වන මධ්‍ය ස්නායු පද්ධ­තිය ආශ්‍රිත පිළිකා, අධි වෘක්ක ග්‍රන්ථියේ පිළිකා වන නියු­රො­බ්ලා­ස්ටෝ­මාව සහ අස්ථි­වල ඇති වන පිළිකා දරු­වන් අතර බහුල බව ද වෛද්‍ය­ව­රයා ප්‍රකාශ කළේය. දරු­වන්ට වැල­ඳෙන බොහෝ පිළිකා මුල් අව­ස්ථා­වේම හඳු­නා­ගෙන නිසි ප්‍රති­කාර දීමෙන් නිට්ටා­වට සුව කළ හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

දරු­වන්ට වැල­ඳෙන පිළිකා සඳහා අව­දා­නම් සාධක හෝ හඳු­නා­ගත් පිළිකා කාර­ක­යන් නැති වීම විශේ­ෂ­ත්ව­යක් බවත් දරු­වන්ට ඇති වන පිළිකා සම්බ­න්ධ­යෙන් වන රෝග ලක්ෂණ ගැන අව­ධා­න­යෙන් සිටී­මෙන් මුල් අව­ස්ථා­වේ­දීම රෝග හඳු­නා­ගත හැකි බවත් ඒ මහතා කීය.

දිගින් දිග­ටම පව­තින උණ, විදු­රු­ම­ස්ව­ලින් ලේ ගැලීම, සමේ ඇති වන දද, කුෂ්ට, අත්පා­වල අධික වේද­නාව, කුද්දෙටි ඉදි­මීම යනා­දය ලියු­කේ­මි­යා­වට අදාළ රෝග ලක්ෂ­ණ­යන් වේ. කුද්දෙටි ඉදි­මීම, රාත්‍රි­යෙහි හට ගන්නා උණ, බඩෙහි ඇති වන ඉදි­මීම යනාදි රෝග ලක්ෂණ ලිම්ෆෝ­මි­යා­වට අදාළ වේ. හිස­ර­දය, උදෑ­සන ඇති වන වම­නය, අත්පා­වල ඇති­වන දුර්ව­ලතා, අධ්‍යා­පන කට­යු­තු­වල පිරි­හීම, අප­ස්මාර තත්ත්වය යනා­දිය මොළයේ පිළි­කා­වට ඇති වන රෝග ලක්ෂණ වේ. අත්පා­වල අස්ථි­වල ඇති වන ඉදි­මුම, වේද­නාව සහ චල­න­යන්ගේ සීමා සහිත බව, කුඩා අන­තු­ර­කින් පවා සිදු වන අස්ථි බිදීම් යනාදි රෝග ලක්ෂණ අස්ථි­මය පිළි­කා­ව­ලට හේතු වේ.

සෑම වර්ෂ­ය­කම පෙබ­ර­වාරි 15 දාට ලෝක ළමා පිළිකා දිනය යෙදේ. පිළිකා මාර­යාට නොබි­යව මුහුණ දී ඉන් ජය ගත පුංචි විරු­වන්ගේ නොප­සු­බට උත්සා­හය සැම­රී­මත්, ඔවුන් සමඟ ඒ සට­නට උර දෙමින් දිවා රෑ ඔවුන් රැක බලා ගන්නා ඔවුන්ගේ ආද­ර­ණීය මවු­පි­යන් සහ උව­ටැන් කරන සියලු දෙනා අගය කිරී­මත්, පිළි­කාව නිසා අකා­ලයේ සමු ගත් සුව­හ­සක් දරු­වන් සිහි­පත් කිරී­මත් මේ දින­යෙහි අර­මුණ වී තිබේ.

දරු­වන්ගේ පිළිකා සඳහා සෑම විටම ප්‍රමු­ඛ­ත්වය දීමේ වැද­ග­ත්කම හඳු­නා­ගෙන ඇති අතර, මෙවැනි රෝගි තත්ත්ව­යන් සඳහා කරන ප්‍රති­කා­ර­වල අව­සන් ඵලය වඩාත් යහ­පත් කිරී­මෙ­හිලා විවිධ ක්‍රියා­කා­ර­කම් රැසක් ශ්‍රී ලංකා පිළිකා වෛද්‍ය­ව­රුන්ගේ විද්‍යා­ය­ත­නය මඟින් ක්‍රියා­වට නංවා ඇත. ඒ අතු­රින් ප්‍රමුඛ කාර්ය­යක් ලෙස ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය විසින් අරඹා ඇති ගෝලීය ළමා පිළිකා මැඬ­ලීමේ වැඩ­පි­ළි­වෙ­ළෙහි ප්‍රධා­නම ක්‍රියා­කාරි ආය­ත­නය ලෙස ශ්‍රී ලංකා පිළිකා වෛද්‍ය­ව­රුන්ගේ විද්‍යා­ය­ත­නය රට තුළ කට­යුතු කිරීම පෙන්වා දිය හැකිය.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website