ඉරිදා, 18 පෙබරවාරි 2024 09:43

දැවැන්ත යුධ නැව් දෙකක් කොළඹට වරායට.. Featured

සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට තවත් දැවැන්ත යුධ නැව් දෙකක් ළඟා වී ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ ඉරාන නාවික හමුදාවට අයත් යුද නෞකා 02කි.

මේ නෞකා දෙක කොළඹ වරායට සේන්දු විය.

එලෙස පැමිණි Bushehr නමැති නෞකාවේ දිග මීටර් 107 කි.

එහි නැව් මුළුව 272 දෙනෙකුගෙන් සමන්විතය.

මීටර් 94.94 ක් දිග Tonb නමැති නෞකාවේ නැව් මුළුව 252 කි.

එම නෞකා දිවයිනේ පවතින කාලසීමාව තුළ එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග සුහදතාව වැඩිදියුණු කරගැනීමේ වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතයි.

 

ඔවුන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බව නාවික හමුදාව පවසයි.

දෙරටේ නාවිකයින් සඳහා පුහුණු හුවමාරු වැඩටහනක් ද ඊට සමගාමීව පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website