බදාදා, 22 පෙබරවාරි 2023 14:02

පොහොට්ටු-ජවිපෙ මන්ත‍්‍රී ගුටිකෙලියක්.. මන්ත‍්‍රීන් දෙදෙනෙක් රෝහල් දෙකකට… Featured

හබරාදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු විසින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට සිදුකළ පහරදීමකින් ඔහු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු පවසන්නේ තමන්ට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා මේසය මත සවිකර තිබූ මයික්‍රෆෝනය ගලවාගෙන එයින් පහර දුන් බවයි.
නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා පවසන්නේ තමන්ට ජවිපෙ මන්ත්‍රීවරයා විසින් පහර දුන් බවයි.

ඔහුද ප‍්‍රාදේශීය රෝහලකට ඇතුළත් වී සිටියි.

මෙම මත ගැටුම් ඇති වී ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම පැවති අවස්ථාවේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයකු සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් දුරදිග යාමෙනි.

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website