අඟහරුවාදා, 20 පෙබරවාරි 2024 08:47

ෆොන්සේ­කාට එරෙහි විනය ක්‍රියා­මාර්ග ගැනීම වළ­ක්වන වාර­ණ­යක් Featured

සමගි ජන බල­වේ­ගයේ සභා­පති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහ­තාගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය සහ ඔහු දරන කැල­ණිය සංවි­ධා­යක ධුරය අත්හි­ටු­වීම සහ ඔහුට එරෙ­හිව විනය ක්‍රියා­මාර්ග ගැනීම වළ­ක්වා­ල­මින් කොළඹ දිසා අධි­ක­ර­ණය ඊයේ (19දා) වාරණ නියෝ­ග­යක් නිකුත් කළේය.

මාර්තු 04දා දක්වා බල­පැ­වැ­ත්වෙන පරිදි මෙම වාරණ නියෝ­ගය නිකුත් කරන ලදි. සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්ස­මක් සලකා බැලී­මෙන් අන­තු­රුව කොළඹ දිසා විනි­සුරු සඳුන් විතාන මහතා සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස, එහි මහ ලේකම් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර, ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක සහ භාණ්ඩා­ගා­රික හර්ෂ ද සිල්වා යන මහ­ත්වරු වෙත මෙම නියෝ­ගය පැන­විණි.

 සමගි ජන බල­වේ­ගය පක්ෂයේ ආර­ම්භක සාමා­ජි­ක­යකු වන තමා 2020 වසරේ දී එම පක්ෂ­යෙන් තරග කර පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වූ බව සරත් ෆොන්සේකා මහතා සිය පෙත්සම මඟින් කියා සිටී. තමා මෙන්ම සජබ නායක සජිත් ප්‍රේම­දාස මහතා ද රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ පාල­නය විවේ­ච­නය කළ බවත් එසේ තිබිය දී නාය­කයා පක්ෂ ප්‍රති­පත්ති උල්ලං­ඝ­නය කර­මින් පසු­ගිය පාල­නය යටතේ කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ ලේකම් ධුරය හා වරාය අධි­කා­රියේ සභා­පති ධුරය දරා ඇති හිටපු යුද හමු­දා­ප­ති­ව­ර­යකු වන දයා රත්නා­යක මහතා පක්ෂයේ රාජ්‍ය ප්‍රති­පත්ති පිළි­බඳ ජ්‍යෙෂ්ඨ උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස පත් කර ගෙන ඇති බව පෙත්ස­ම්කරු තව­දු­ර­ටත් ප්‍රකාශ කරයි.

තමා එම තීර­ණය විවේ­ච­නය කළ විට සජබ නාය­කයා එය හෙළා දකි­මින් තර්ජ­නා­ත්ම­කව ප්‍රකා­ශ­යක් නිකුත් කර ඇති බවත් ඔහුගේ අන්ත­නෝ­ම­තික ප්‍රකා­ශය ගැන කරුණු පැහැ­දිලි කිරී­මක් ඉල්ලා ලිපි­යක් යොමු කළද එයට පිළි­තු­රක් නොලැ­බුණු බව පෙත්සමේ සඳ­හන් වේ. ඒ අනුව පක්ෂ නාය­කයා විසින් පක්ෂයේ සභා­පති වන තමන් අනී­තික හා අයුතු ලෙස පක්ෂ­යෙන් නෙර­පීමේ සූදා­න­මක් ඇති බවත් පක්ෂයේ නාය­ක­යාට ප්‍රති­ප­ත්ති­ව­ලට බැහැ­රව ඕනෑම අයකු බඳ­වා­ගත හැකි බවට ප්‍රකාශ කිරීම ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට පට­හැණි අන්ත­නෝ­ම­තික අද­හ­සක් බව ඔහුගේ පෙත්ස­මෙන් කියවේ.

 පෙත්ස­ම්කාර සරත් ෆොන්සේකා මහතා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ෆයි­සර් මුස්තාපා මහතා නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් Òපක්ෂ නාය­ක­යාගේ මෙවැනි තීරණ පක්ෂයේ අභ්‍ය­න්තර කට­යුතු යැයි සඳ­හන් කර­මින් ඒ සම්බ­න්ධ­යෙන් අද­හස් පළ නොකොට නිහ­ඬව නොසිට පුර­වැ­සි­යකු වශ­යෙන් පෙත්ස­ම්කරු ඒ සම්බ­න්ධ­යෙන් අද­හස් පළ කළා Ò යනු­වෙන් කියා සිටින ලදි.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය සරත් ෆොන්සේකා මහතා ඉල්ලා සිටින වාරණ නියෝ­ගය නිකුත් කර­මින් විත්ති­ක­රු­වන් වශ­යෙන් නම් කර සිටින සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස, මහ­ලේ­කම් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර, ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක සහ භාණ්ඩා­ගා­රික හර්ෂ ද සිල්වා යන මහ­ත්වරු වෙත නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

හිටපු යුද හමු­දා­පති දයා රත්නා­යක මහතා, සරත් ෆොන්සේකා මහතා සිර­ගත කිරී­මට තීර­ණය කළ යුද්ධා­ධි­ක­ර­ණයේ සාක්ෂි සම්පි­ණ්ඩ­නය සහ චෝදනා පත්‍රය සකස් කිරීම සඳහා මුල්ව කට­යුතු කළ තැනැත්‍තා බව ප්‍රකාශ කර ඇත.

 නීතිඥ පුලස්ති රූප­සිංහ, නීතිඥ සංජීව කළු­ආ­රච්චි, නීතිඥ අමින්ද පෙරේරා සමඟ ජනා­ධි­පති නීතිඥ ෆයි­සර් මුස්තාපා යන මහ­ත්වරු පැමි­ණි­ලි­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි­යහ.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website