බදාදා, 21 පෙබරවාරි 2024 11:14

මේ වසර මැද වන විට උද්ධමනය 5% ට ගේනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය Featured

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

70% මට්ටමට ඉහළ ගොස් තිබූ උද්ධමන අනුපාතය අද වන විට 6% දක්වා පහත දැමීමට රජයට හැකිව ඇති බව ද ඇමැතිවරයා කීවේය.

ඩොලර් මිලියන දෙකක් දක්වා පහත බැස තිබූ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 4.7 දක්වා ඉහළ ගොස් ඇති බව ද, වසර එකහමාරකට පෙර මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් තෙල් නැව් නැවත හැරී ගිය යුගය ජනතාවට අමතක නොමැති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 128% දක්වා ඉහළ ගොස් තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය අද වන විට 104% දක්වා පහළ ගොස් ඇති බවත්, ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් වීම සිදු වෙමින් පවතින අතර කිසිවකුට ප්‍රතිහාර පෑමේ හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website