සිකුරාදා, 23 පෙබරවාරි 2024 12:19

කඩාකප්පල් කරන අය අතුරුදන් කරමු.. සිංගප්පූරුවේ, චීනයේ එහෙම වුනා..- බෙල්ලන Featured

අත්තනෝමතික ලෙස හැසිරෙන වෘත්තිය සමිති නායකයින් සහ කඩාකප්පල් කාරී පිරිස් මර්ධනයට චීනය, සිංගප්පුරුව ආදී රටවල නායකයින් අනුගනය කල ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

එවැනි අවස්ථා වලදී ඇතැම් පුද්ගලයින් අතුරුදන් වූ බවද පවසන බෙල්ලන මහතා රටට නිවැරදි මාවතට ගැනීමට නම් මර්වින් සිල්වලා වැනි මිනිසුන් අවශ්‍ය බවද සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක වෙමිනි.

වෘත්තිය සමිති සාමාජිකයින් විසින් තමන් රෝහල් අඩස්සියට ගත් මොහොතේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක වළලු තුනක් තමා වටා යොදාගෙන සිටි බවද එහිදී පවසා ඇත.

 

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website