සෙනසුරාදා, 24 පෙබරවාරි 2024 09:03

දරුවෝ 2000ක් බන්ධනාගාරයේ Featured

වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදිවලට

දරුවන් 1500 ත් 2000 ත් අතර ප්‍රමාණයක් බන්ධනාගාර ගතවී සිටිති. ඉන් වැඩි පිරිස මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට සම්බන්ධ වූවන් බව බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි.

දැනට 33,000 ක් පමණ දෙනා මෙරට බන්ධනාගාරවල රඳවා ඇති බවත් ඉන් සියයට 65 ක් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ තරුණ තරුණියන් බවත් පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම්වලින් වළකා ගැනීමට මුල් තැනක් දිය යුතු බවත් ඔහු පවසයි. නාගොඩ රාජකීය ජාතික පාසලේ පැවැති “නොයා යුතු තැන” වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website