සෙනසුරාදා, 24 පෙබරවාරි 2024 09:15

මාලිමා ආණ්ඩුවේ ආරක්‍ෂක ඇමති ගැන අනුර කියයි… Featured

ඉදිරියේදී පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළ ආරක්ෂක අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදහස් පල කරයි.

බීබීසී සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාවකදී විමසූ පැනයකට ඔහු ලබාදී ඇත්තේ මෙම පිළිතුරයි.

‘ආරක්ෂක ගත්තොත් ඔබ දන්නවා අපි ඉතාමත් ප්රබලතම කණ්ඩායම ගොඩනැගිලා තිබෙන හිටපු ආරක්ෂ නිලධාරීන්ගේ ඒ වගේම සුළු පුරවැසියන් ගණනාවක් නියෝජනය නම් ඒ අයගෙන් එක් අයෙක් ආරක්ෂා තනතුරට පත්වෙනවා..

ඒ නිසා ඔබට මෙතෙක් දැකපු සාම්ප්රදායික අ අමාත්යධුරයක් වෙනුවට ඒ විෂයන් පිළිබඳ පරිචයක් තිබෙන ඒ විෂයන් පිළිබඳ අධ්යයනයක් තිබෙන අවබෝධයක් තියෙන කණ්ඩායමක් වගේම.

ඇත්ත දේශපාලන උවමනාවක් තියෙන කණ්ඩායමක් වගේම අවංක පිරිසක් එක්වේවි.

මේ කාර්යය කිරීම සඳහා විශ්වාසයක් තිබෙන ධෛර්යසම්පන්න ටීම් එකක් ඉන්නවා ලංකාවේ ගොඩ නැගෙන ශක්තිමත්ම කැබිනට් මණ්ඩලය වේවි’

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website