අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 07:19

පෙරපාසල් ගුරුවරුන්ට සාමදාන විනිසුරු තනතුරු Featured

පෙර පාසල් ගුරුවරුන් සිදුකරනු ලබන මෙහෙය අතිශයෙන්ම උත්තරීතර බව පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ මේවන විට පැවැත්වෙන ගුරු අභිමානි උපහාර උළෙල අමතමින් පැවසීය.

අභියෝග රැසක් මැද පෙරපාසල් ගුරුවරුන් සිය සේවය සිදුකරන බව පැවසීය.

ඔවුන්ට නිසි වැටුපක් ලබාදීම සඳහා රජයේ අවධානය මේවන විට යොමුව ඇතිබව මංත්‍රීවරයා පැවසීය.

එහිදී අදහස් දැක්වූ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම විවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ පෙර පාසල් ගුරුවරයාට තවත් වටිනාකම එක් කිරීමේ අරමුණින් සාමදාන විනිසුරු තනතුරු ලබාදීම සිදුකර බව පැවසීය.

අවුරුදු 25 කට වඩා ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරියන් ලෙස සේවය කර ඇති ගුරුවරියන් සදහා සාමදාන විනිසුරු තනතුරු පිරිනැමීම සිදුවිය.

– නිපුනි හසරංගි

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website