බදාදා, 22 පෙබරවාරි 2023 20:09

බාල පෙට‍්‍රල් තොගයක්.. ඔක්ටේන් අගය 80 සීමාවේ.. Featured

ප්‍රමිතියෙන් තොර පෙට්ටල් මෙට‍්‍රික් ටොන් දහසක් පමණ තෙල් සංස්ථාව තුළ මේ වන විට ගොඩගැසී ඇතැයි තෙල් වරාය විදුලි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

බොරතෙල් පිරිපහදු කිරීමේ දී නියම ප්‍රමිතියෙන් බාල පෙට්රල් නිෂ්පාදනය වී නැතැයි එහි එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.

සපුගස්කන්ද පිරිපහදුව වසා දමා නැවත විවෘත කළ මුල් අවස්ථාවේදී නිෂ්පාදනය වී ඇත්තේ මෙසේ ඔක්ටේන් අගය නියමිත ප්‍රමාණයෙන් නොමැති පෙට්රල් බවද ඔහු පැවසීය.

එමෙන්ම පසුගිය කාලයේ දී ප්‍රමිතියෙන් තොර බොරතෙල් පිරිපහදු කිරීම නිසාද බාල පෙට්ටල් තොග විශාල වශයෙන් නිෂ්පාදනය වී තිබෙන බවත් මෙම පෙට්‍රල් තොග වල ඔක්ටේන් අගය 80ත්-90ත් අතර ප්‍රමාණයක පවතින බවටත් හෙතෙම කියා සිටී.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website