සදුදා, 04 මාර්තු 2024 06:59

පළාත් 4 කට අද උණුසුම දැඩි වෙයි Featured

මිනිස් සිරුරට දැනෙන අධික උණුසුම් කාලගුණික තත්ත්වය අද (04 දා) බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව යන පළාත්වලටත්, මන්නාරම දිස්ත්‍රික්කයටත් බලපාන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ චමින්ද ද සිල්වා මහතා ‘දිවයින’ ට පැවැසීය.

ඊයේ පෙරවරු 8.30 න් අවසන්වූ ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බවත්, එම ප්‍රමාණය සෙල්සියස් අංශක 36.8 ක් බවත් හෙතෙම කීය.

මීට අමතරව කටුනායකින් සෙල්සියස් අංශක 35.7 ක්ද, පුත්තලමෙන් 35.8 ක්ද, මත්තලින් 35.7 ක්ද, රත්නපුරින් 35.8 ක්ද, කොළඹින් 33.8 ක්ද ලෙස වාර්තා වූ බව ඒ මහතා කියා සිටියේය.

කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website