සදුදා, 04 මාර්තු 2024 07:02

පොත් බෑගයේ බර බස්සන චක්‍රලේඛය අද පාසල්වලට Featured

පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අද (04 වැනිදා) පාසල් වෙත නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා ‘දිවයින’ ට පැවැසීය.

තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් සිසුන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලුවක් වන පොත් බෑගයේ බර සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යයෙන් අනාවරණය කළේය.

පාසල් පෙළ පොත් වෙනුවට තාක්‍ෂණික සුහුරු උපකරණ ලබාදීමෙන් සිසුන් මුහුණ පා ඇති පොත් බෑගයේ බර සම්බන්ධ ගැටලුවට විසඳුමක් ලබාගත හැකි බවද හෙතෙම කීය. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. “දරුවන්ට පොත් බෑගයේ බර දරාගන්න බැහැ. එය දරුවන්ගේ මනසටත් පීඩාවක්. මෙය සැලකිල්ලට ගෙන පොත් බෑගයේ බර අඩු කරන ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණය කළා. එක ක්‍රමයක් දරුවන්ගේ පෙළ පොත් පාසල් පන්ති කාමරයේ ආරක්‍ෂිතව තබා යෑම, අනිත් එක පරිගණක උපාංග භාවිතය. මේ ක්‍රම මගින් පාසල් පොත් බෑගයේ බර ගැටලුවට විසඳුම් ලැබෙනවා.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website