බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 08:34

ඊළග මාලිමා ආණ්ඩුවේ මැති ඇමති සියළු වරප‍්‍රසාද අහෝසියි.. හිටපු ජනාධිපතිවරු නඩත්තුව අතහරිනවා.. Featured

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වරප්‍රසාද අහිමි කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

එවිට මහජන නියෝජිතයන්ද සාමාන්‍ය රාජ්‍ය සේවකයන් තත්වයට පත්වනු ඇති බව ද හෙතෙම පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ආණ්ඩුව විසින් අත්හරිනු ඇති බවත් ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප මෙන්ම අමාත්‍යවරුන් ගේ අසීමිත දීමනාද අහෝසි කරන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් බදුල්ලේදී සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website