සදුදා, 04 මාර්තු 2024 07:20

එක්සත් ජාතීන්ගේ මානව මහකොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක් Featured

නව පනත් කිහිපයක් හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඔන්ලයින් ආරක්ෂණ පනත, ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත් කෙටුම්පත ඇතුළු රජය විසින් හඳුන්වාදී ඇති නව පනත් කෙටුම්පත් මගින් රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස සීමා වන බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී අදහස් දක්වමින් මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

විධායකයට සහ ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබාදෙමින් හඳුන්වා දී ඇති මෙම නව නීති මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බව
මානව හිමිකම් මහකොමසාරිස්වරයා පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය මෙන්ම දරිද්‍රතාවය සහ ජනතාවගේ ආදායම් මට්ටම පහත වැටීම පිළිබඳව ද ටර්ක් මහතා මෙහිදි අවධාරණය කර තිබේ.

මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කර නඩු පැවරීම සඳහා විශ්වසනීය වගවීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර සැබෑ සංහිදියාව සහ තිරසර සාමය ළඟා කරගැනීමට රජය කැපවී කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website