බදාදා, 06 මාර්තු 2024 08:18

චන්ද්‍රිකාගෙන් මිහින්තලා හිමිට ප‍්‍රහාරයක්… Featured

විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

හිමියන් එල්ල කරන ලද චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බවත් හිටපු ජනාධිපතිනිය ලෙස ඇයට හිමි විශ්‍රාම වැටුප පමණක් හිමිවන බවත් ඇයගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කුමාරතුංග මහත්මියගේ බැංකු ගිණුමට බැර වන ජනාධිපති විශ්‍රාම වැටුප සමාජ සේවා සඳහා පමණක් භාවිත කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

cnews

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website