සිකුරාදා, 08 මාර්තු 2024 07:38

රටවල් හයක තානාපතිවරු අනුර කුමාර හමුවී සාකච්ඡා Featured

ඉන්දුනීසියාව, පලස්තීනය ඇතුළු රටවල් 06ක තානාපතිවරුන් පෙරේදා (06 දා) සවස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමර දිසානායක මහතා ඇතුළු එහි නායකයන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

ඒ අනුව ඉන්දුනීසියාව, පලස්තීනය, මැලේසියාව, බංගලාදේශ, තුර්කි ජනරජය සහ මැලේසියාව යන රටවල තානාපතිවරුන් මෙම සාකච්ඡා සඳහා එක්ව තිබේ. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී එම පක්‍ෂ නියෝජිතයන් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කර ඇත. රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් ව තිබේ. ඊට අමතරව රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගයේ ඇති සූදානම පිළිබඳව ද මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නියෝජිතයන් රාජ්‍යතාන්ත්‍රිකයන්ට කරුණු දක්වා තිබේ. පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. ඩාර් සහීඩ්, තුර්කි ජනරජයේ තානාපතිනි ආර්. දිමෙත් සෙකෙසිඔගු මහත්මිය, බංගලාදේශ මහකොමසාරිස් තරීක් එම්. ඩී. අරිෆුල් ඉස්ලාම් මහතා, ඉන්දුනීසියානු තානාපති දේවි ගස්ටීනා ටෝබින් මහත්මිය, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල් හෙරු ප්‍රයිට්නෝ මහතා, මැලේසියානු මහකොමසාරිස් බාදි හිසාම් බින් ඇඩම් මහතා, සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි ෆාතිමා ගීනා මහත්මිය යන රාජ්‍ය තාන්ත්‍රිකයෝ එම රටවල් නියෝජනය කරමින් මෙම හමුව සඳහා එක්ව සිටියහ.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර මහත්වරු ද මේ සඳහා සහභාගි වූහ.

සිරිමන්ත රත්නසේකර

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website