ඉරිදා, 10 මාර්තු 2024 13:14

රම්‍යා වනිගසේකර මහත්මියගේ අවසන් කටයුතු අද Featured

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10)පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

මේ වන විට ඇයගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කර තිබේ.

ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් සහ දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටින බව වාර්තා වේ.

ඇයගේ දේහය අද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ඒමට නියමිතය.

කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය අභාවප්‍රාප්ත වූයේ, පසුගිය සිකුරාදා (මාර්තු 08) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මිය යන විට ඇය 73 වන වියේ පසු වූවා ය.

DM

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website